ඉරාන යුද්දය මිදුලටම .. ලංකාව ආසන්න මුහුදේ ඉරාන නැවට සබ්මැරීන් ප‍්‍රහාරයක් ?

තුවාල ලැබූ නාවිකයන් 40කට ආසන්න පිරිසක් මේ වන විට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත....

ශ්‍රී ලංකාව ආසන්න මුහුදේදී ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නම් වූ destroyer වර්ගයේ යුධ නෞකාවට ශ්‍රීලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී යුධ සබ්මැරීනයක් මගින් එල්ල වූ ටෝපිඩෝ ප්‍රහාරයක් මගින් එම නෞකාව ගිලි යාමෙන් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
 
ගාල්ල වරායේ සිට නාවික හැතපුම් 40ක් පමණ දුරින් පිහිටි මුහුදු කලාපයේදී අනතුර සිදුවන අවස්ථාවේදී නෞකාවේ 140ක පමණ කාර්ය මණ්ඩලයක් සිට ඇති අතර, ඉන් පුද්ගලයන් 30 දෙනෙකු මේ වන විට මියගොස් ඇති බව තහවුරු කර තිබේ. කෙසේ වෙතත්, මරණ සංඛ්‍යාව මීට වඩා ඉහළ යා හැකි බවට ද සැක පළ කෙරේ.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ නාවිකයන් 40කට ආසන්න පිරිසක් මේ වන විට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.
 
අදාළ ඉරාන නෞකාව මින් පෙර සැපයුම් සඳහා ඉන්දියාව බලා යාත්‍රා කර තිබුණද, ඉන්දියාව විසින් පවතින යුධ තත්වය හේතුවෙන් එය තම රටේ වරායකට භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවට තහවුරු නොකළ තොරතුරු වාර්තා වේ .
 
 
ඒ හේතුවෙන් නෞකාව යළි ඉරානය බලා යාත්‍රා කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවට වාර්තා වේ .
 
මෙම නෞකාව අනතුරටපත්ව ගිලීයාමට හේතුව නිශ්චිතවම සබ්මැරින් ප්‍රහාරයක්ද යන්න ශ්‍රිලංකාවේ නාවික හමුදාව විසින් මෙතෙක් නිලවශයෙන් තහවුරුකර නැත ... කෙසේ වෙතත් මදපෙරදික පවතින යුධ උණුසුම එයින් කිලෝමීටර් දහස් ගණනක දුරින් පිහිටා තිබෙන ශ්‍රී ලංකාවටද දැනෙමින් පවතින බවනම් දැන් නොරහසක්.

නෞකාවේ කාර්ය මණ්ඩලය රෝහල වෙත
 ගෙනයන ආකාරය ..


රජයේ ප්‍රවුර්ති සාකච්චාව...



Madhushanka Chandima

8 博客 帖子

注释