මුහුදේ පාවෙන මරණයේ අඳුරු සෙවනැල්ල

නාවික සටන් ඉතිහාසයේ සෙමින් නමුත් නිහඬව විශාල මිනිස් ජිවිත ප්‍රමාණයක් බිලිගත් බියකරු අවිය ...

මේ දවස්වල අපි හැමෝටම ඇහෙන දකින කතාවක් තමයි මුහුදු බෝම්බ එහෙමත් නැත්නම් Naval mines ගැන කතාව ... වර්තමානයේ ඉරාන යුද්ධය හේතුවෙන් ලෝකයේ තෙල් සැපයුම අඩපණ කිරීමේ අරමුණින් හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ IRGC නාවික හමුදාව විසින් මුහුදු බෝම්බ අතුරමින් සිටින බව වාර්තාවෙනවා... මොනවද මේ මුහුදු බෝම්බ අපි පොඩ්ඩක් බලමු ඒ ගැන විස්තර ටිකක්.

mine එකක් කියනකොටම ඔයාගේ මතකයට එන්නේ බිම් බෝම්බයක් ... බිම් බෝම්බයක් කියන්නේ ඉතාම විනාශකාරී අවියක් .. අපි ඒ ගැන වෙනම ලිපියකින් කතාකරමු ... ඇත්තටම මුහුදු බෝම්බවලටත් මේ mines කියන යෙදුම එන්නේ මේවා ක්‍රියාකරන්නෙත් බිම්බෝම්බ ආකාරයටම තමයි. මුහුදේ සිදුවෙන යුද්ධයක් කියනකොටම වර්තමානයේනම් අපේ මතකයට එන්නේ මිසයිල සහ ටෝපිඩෝ වගේ එහෙමත් නැත්නම් විශාල කාලතුවක්කුවකින් නිකුත්වන උණ්ඩ වගේ දේවල් උනාට ඔයාලා දන්නවද නාවික සටන් ඉතිහාසය පුරාම වඩාත් විනාෂකාරිම අවිය උනේ මේ මුහුදු බෝම්බ.

 

 

 

 

 

මුහුදු බෝම්බය නිපදවූ මුල් නව නිපැයුම්කරු

මුහුදු බෝම්බ සංකල්පයට මුල් වශයෙන් සම්බන්ධ වූ පුද්ගලයා වන්නේ ඇමරිකානු නව නිපැයුම්කරු David Bushnell විදිහට තමයි වාර්තා වෙන්නේ.

1777 වසරේදී ඔහු ඇමරිකානු විප්ලවය අතරතුර බ්‍රිතාන්‍ය නැව්වලට පහර දීමට ජලය යට පිපිරෙන උපාංගයක් නිපදවීමෙන් තමයි මේක ආරම්භ වෙන්නේ ඔහුගේ නිර්මාණය මුල් කාලයේ “torpedo” ලෙස හඳුන්වා තිබුණත් අද එය මුහුදු බෝම්බවල ආරම්භය විදිහට තමයි සැලකෙන්නේ.

මෙම උපාංගය ඉතා සරල එකක් විය.

  • වෙඩිබෙහෙත් භාවිතා කළ බෝම්බයක්

  • ජලය මත හෝ යට පාවෙන ආකාරයට තමයි මෙය ක්‍රියාකරලා තියන්නේ

  • නැව් සමඟ ගැටීමෙන් ඇතුලත ඇති වෙඩි ද්‍රව්‍ය මගින් පිපිරීමක් සිදුවීමත් එමගින් හානිවන නැව මුහුදුබත් වීමත් සිදුවනවා

මෙය අලුත් ආයුධයක් වුවත් එය නාවික යුද්ධයේ නව යුගයක් ආරම්භ කළා.
 

 

 

19වන සියවසේ මුහුදු බෝම්බයේ දියුණුව

1800 දශකයේදී යුරෝපීය රටවල් මෙම ආයුධය තවත් දියුණු කළා. ඒකට හේතු උනේ යටත්විජිත අත්රපත්ට කරගැනීම වෙනුවෙන්ව යුරෝපිය රටවල් අතර තිබුන තරඟය ... ඒවගේම මුහුදු කොල්ල කරුවන් විනාශ කිරීම සඳහාත් මෙය භාවිතා උනා.

එම දියුණු කිරීම් මගින් මුහුදු බෝම්බ වර්ග කිහිපයක්ම නිර්මාණය උනා

Contact mines
➡️ නැව් බෝම්බයට ස්පර්ශ වූ විට පිපිරේන ආකාරයට නිර්මාණය කරන ලද බෝම්බ

Anchored mines
➡️ මුහුදු පතුලට කඹයකින් බැඳ ජලය යට නියමිත උසක තබන ලද බෝම්බ

Controlled mines
➡️ වෙරළෙහි සිට බෝම්බයට රැහැනක් යොදාගෙන විදුලි සංඥා ලබාදීම මගින් පිපිරවිය හැකි බෝම්බ

මෙම වැඩිදියුණු කිරීම් නිසා මුහුදු බෝම්බ කෙටි කාලයකින් ඉතා භයානක ආයුධයක් බවට පත් උනා විතරක් නෙමෙයි කෙටිකලකින් විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් බිලිගන්නත් පටන්ගත්තා.

 

පළමු ලෝක යුද්ධය සහ මුහුදු බෝම්බ

World War I

පළමු ලෝක යුද්ධයේදී මුහුදු බෝම්බ විශාල වශයෙන් භාවිතා වුණා.

විශේෂයෙන්ම North Sea Mine Barrage නමින් ප්‍රසිද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක උනා.
මෙහිදී මිත්‍ර හමුදා විසින් 70,000 කට වැඩි මුහුදු බෝම්බ ප්‍රමාණයක් ජර්මානු සබ්මැරීන් නැව් නතර කිරීමට අතුරනලදී.

 

WW1 තුළ මුහුදු බෝම්බවලින් සිදු වූ විනාශය

ඉතිහාස අනුව:

  • 1,000කට වැඩි නැව් ගිලී ගියා

  • දහස් ගණනක් නාවිකයන් මිය ගියා

  • වෙළඳ නැව් ගණනාවක් විනාශ විය

 

දෙවන ලෝක යුද්ධය – මුහුදු බෝම්බවල අති විශාල භාවිතය

World War II

WW2 කාලයේ මුහුදු බෝම්බ තාක්ෂණය අතිශය දියුණු විය.

මේ කාලයේ නව බෝම්බ වර්ග තුනක් ප්‍රධාන වශයෙන් භාවිතා වුණා.

➡️ Magnetic mines

නැව්වල ලෝහීය චුම්බක ක්ෂේත්‍ර හඳුනාගෙන පිපිරේ.

➡️ Acoustic mines

නැව් එන්ජින් ශබ්දය හඳුනාගෙන පිපිරේ.

➡️ Pressure mines

නැව් යටින් ජල පීඩනය වෙනස් වූ විට පිපිරේ.

 

මේ නිසා නැව් බෝම්බය ස්පර්ශ නොකළත් පිපිරීමක් සිදු විය හැකි වුණා. මේක හරිම භයානක කාරනාවක් උනා මේ වර්ගයේ බෝම්බ නිසා නැවු පෙළක නැවු කිහිපයක් එකවර විනාශවීම දක්නට ලැබුනා

 

 

දෙවන ලෝක යුධ සමයේ මුහුදු බෝම්බ මගින් සිදු වූ විනාශය

 

  • 1,000කට වැඩි නැව් ගිලී ගියා

  • දහස් ගණනක් නාවිකයන් මිය ගියා

  • වෙළඳ නැව් ගණනාවක් විනාශ උනා

ඔයාලා දන්නවද මෙම අගය සමහර මුහුදු ප්‍රදේශවල වෙනත් ප්‍රහාර මගින් විනාශ වෙච්ච නාවික යාත්‍රා ප්‍රමාණයට වඩා අතිශය ඉහල බව. ඒ විතරක් නෙමෙයි අපි මේ කතාකරන්නේ ඉතා විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් ගැන.
 

එම කාලයේ මේ මුහුදු බෝම්බොබවල ගොදුරක් බවට පත්වෙච්ච නැව්වලට බෝම්බ පිපිරීමට පෙර කිසිම ඉවත්වීමේ අවවාදයක්වත් ලැබුනේ නැහැ . ඇත්තටම ඔවුන්ට ගැලවෙන්න කාලයක් තිබුනෙත් නැහැ නැව ළඟටම එනකල් මේවගේ බෝම්බයක් දුරසිට දකින්න හැකියාවක් මේ කාලයේ ගොඩක් නාවික යාත්‍රාවලට තිබුනේ නැහැ .. මුහුදු බෝම්බ කියන්නේ අඳුරේ සැඟවෙලා ජිවිත බිලිගත්ත රාක්ෂයෙක්. මේ වර්ගයේ බෝම්බයක් පිපිරීමෙන් පසුව නැව කොටස්වලට ඉරිලා මුහුදේ ගිලාබහිනකොට ඇත්තටම එම නැවේ හිටපු නාවිකයන්ට ඉතිරි උනේ තමන්ගේ ජීවිතය බේරාගැනීමේ පොඩි හරි බලාපොරෝතුවක් වෙනුවෙන්න් මුහුදට පනින එක විතරයි. නමුත් එහෙම මුහුදට පැනපු ගොඩක් අය තමන්ගේම විලාප හඬ මැද්දේ ගල්ගැහෙන සිතල මුහුදු ජලයේ ගිලිලා මියගියේ තමන්ට උනේ මොකක්ද කියන එකවත් හරියට නොදැන.

මුහුදු බෝම්බයක පවතින විනාශකාරී ස්වභාවය ගැන දැනගන්න කැමති කෙනෙක්ට මේ move clip එක බලන්න පුළුවන්

 

 

 

 

විනාශය අවසන් ද ?

ඇත්තටම මෙම විනාශකාරී ආයුධය මගින් සිදුවන විනාශය මෙතනින් නතර උනේ නැහැ. මේක තමයි මේ වර්ගයේ බෝම්බවල තියන අතිශය භයානක බව .... මේ යුද්ධ අවසන් වෙලා අවුරුදු ගණනාවක් ගතවෙලා තිබුනත් ලෝකයේ සමහර මුහුදු ප්‍රදේශ සහ වෙරළවල් තවමත් අනතුරුදායකයි මොකද මුහුද මැද නිදහසේ පාවෙන අත්හරිනලද මුහුදු බෝම්බ දහස් ගණනාවක් තවමත් පවතිනවා ඒ මගින් සිවිල් ජනතාවට හානිවෙච්ච අවස්ථා ගණනාවක් වාර්ථා වෙනවා. ඒ වගේම කිසිසේත්මෙ බලාපොරොතු නොවෙන අවස්මතාවක ධිවර සහ සංචාරක බෝට්ටු අශ්‍රිතව මෙම පැරණි බෝම්බ පිපිරීමෙන් යම් අයගේ අයගේ කන් ඇසීම නැතිවීම සහා වෙනත් ශාරීරික හානි සිදුවෙලා තියනවා.... මේ බොහෝ අය වන්දි ගෙවුවේ තමන් කිසිසෙත් නොදන්නා තමන්අට දාලම නොවෙන ඉතිහාසයක යුද්ධයකට .... ඉතින් තවත් ලෝක ව්‍යාප්ත යුද්ධයක සෙවනැලි පෙනෙමින් තියන කාලයක .. මුහුදු බෝම්බ ගැන කතා කියවෙන අතරේ මම ඔයාලගේ දැනුවත් භාවය වෙනුවෙන් මේ ගැන ලියන්න හිතුවා .. මොකද යුද්ධ කරන එක විවිධ පාර්ශව ජොලියට පවා කරමින් ඉන්න කාලෙක .. කාලකන්ණි යුද්ධවල සුන්බුන් පවා පසුකාලීනව අවුරුදු සියගණනක් පසුවටත් ජීවිත බිලිගන්නා බව ඔයාලට මතක් කරලා දෙන්න. ඒවගේම තමයි මේ මුහුදු බෝම්බ දැක්කොත් වෙරලකදී හෝ එය හඳුනාගනිමින් ආරක්ෂිතව ඒ ප්‍රදේශයෙන් ඉවත්වන්න මේ ලිපිය උදවුවක් වේවි ... ඔබ හිතන්න එපා ගොඩක් දුරක මුහුද මැද තියන බෝම්බ අපිට බලපාන්නේ නැහැ කියාලා මොකද කවුරු කොහේ මේවා මුහුදට එකතු කලත් ... දියවැල් මගින් ලෝකය පුරාම ගමන් කරන්න මේ මුහුදු රකුසන්ට පුළුවන් සොබාදහමේ උදවුවෙන් .. ඉතින් ඔයා වෙරළේ ඉන්න අවස්තාවක මෙහෙම හැඩයක් සහිත දෙයක් මුහුදේ පාවෙනවා දැක්කොත් එකත් එක්ක සෙල්ෆි ගහන්න යනවා වගේ මෝඩ වැඩ නොකර වහාම බලධාරීන් දැනුවත් කරලා එතනින් ඉවත්වෙන්න තරම් බුද්ධිමත් වෙන්න.


Madhushanka Chandima

8 blog messaggi

Commenti