අතීතයේදී ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාතික රටවල විශේෂයෙන් විවාහයේදී කන්‍යාභාවය පරීක්ශාකිරීම සිදු වුණා . මෙය ඉතා සාම්ප්‍රදායික සංකීර්ණ සහ බලපෑම් සහිත වුණා . පවුල් දෙක අතර සාමය වටිනාකම ගෞරවය වෙනුවෙන් විවාහයකදී කන්‍යාභාවය ඉතාමත්ම වැදගත් වූ කාරණාවක් ලෙස ඔව්න් සැලකුවා.
විවාහයට පෙර නළල රැලි ගැසුණු ගැහැණුන් ලෙස සලකන වැඩිහිටි කාන්තාවන් ( පුරුෂ පාර්ෂවයේ මව සහ නෑදෑයන් ) විසින් කන්‍යාභාවය පරීක්ශා කළා . ඔවුන්ගේ පරික්ශාවට කාන්තා ශරීරයේ නිශ්පාදන සංකේත ශුද්ධතාවය සම්භාවිත ලක්ෂණ පරීක්ෂා කිරීම ඇතුළත් වුණා . ඉද හිට හෝ විවාහකාරිණියට රැකවරණයක් ලබා දීමේ අපේක්ෂාවෙන් දෙපාර්ශ්වයම රහසිගතවත් මෙය සිදුකරපු අවස්ථා නැතුවාම නොවේ .
මෙය දැනටත් සමාජයේ පිළිගත් කතාන්දර සහ සංකේත මත පදනම් වූවකි.ගැහැනියගේ ඉදිරි අනාගතය විවාහයේදී තීරණය කරන මූලිකම සාධකය මෙය විය.
කන්‍යාභාවය තහවුරු වූ විට එය ඉතාමත්ම සතුටින් සිදුවන විවාහයක් විය .විවාහකාරිනියගේ. යම් හෙයකින් එය නොතිබුණේ නම් විවාහය අතර අවදානම සදාකාලික වුණා. විවාහය දෙදරා යෑමේ සිට ජීවිත කාලයම පසුතැවීමෙන් සහ
අතීත මුතුන් මිත්තන්ගේ පැවති තවත් එක් කාරණාවක් නම් පාරිශුද්ධ ස්ත්‍රියකගෙන් ලැබෙන දරුවන් ඉතාමත්ම වටිනා සහ ගෞරවනීය වන බවයි . පරම්පරාව සම්භාවනීය වීම සහ එය ගොඩ නැගීම මෙන්ම එහි ආරක්ෂාව සහතික කිරීමද මෙයින් සිදුවුණා .
විවාහය යනු සෑම කාන්තාවකගේම ජීවිතයේ විශේෂ සතුටුදායක මොහොතක් නමුත් කන්‍යාභාව පරීක්ෂාව නිසා ඇගේ සුන්දරම දිනයේ බියත් ත්‍රාසය සහ ඇගේ සිනහවත් සමඟ කණගාටුව මිශ්‍රවී තිබෙන දෙයක් බවට පත් වුණා. කෙසේ නමුත් මේ ශුද්ධතා පරීක්ෂණයත් සමඟ එය තහවුරු වීමෙන් ඇගේ දෙනෙත් සැම විටම ආත්මීය සුරක්ෂිත වීම සහ පවුලේ ගෞරවය සුරක්ෂිත වීමේ සතුට ගැහැනියට ජීවිත කාලයටම අමතක නොවෙන මතයක් වන බව අමුතුවෙන් කියන කාරණාවක් නොවේ. නමුත් මෙය නොමැති වීම නිසා විවාහය දෙදරා ගිය කාන්තාවකගේ සැබෑ මානසිකත්වය සහ ඇගේ ආත්ම ගරුත්වය බිඳ වැටීමෙන් ඇතිවන මානසික පීඩනය කිසිදා යලි සැකසිය නොහැකී.
වර්තමානයේදීත් මේ පරික්ෂාව ඉතා ඉහළ මට්ටමෙන් සිදුකරන නමුත් බොහෝ කාන්තාවන්ට කන්‍යාභාවය නොමැති වීම හෝ අහිමි කර ගැනීම කියන කාරනා මත සමාජය යම් කොටස් දෙකකට බෙදී පවතිනවා. යම් පාර්ශ්වයක් එය නොවැදගත් කරුණක් ලෙස සැලකූවත් තවත් පාර්ශවයක් එය ඉතා වැදගත් බව පවසනවා . සැබැවින්ම මේ කාරණාවත් සමඟ යම් මතභේදයක් පවතිනවා.
කන්‍යාභාවය නොවැදගත් කරුණක් ලෙස සමාජයේ පෙනී සිටින පුද්ගලයින් පවා පෞද්ගලිකව ඒ මත සිට තීරණ ගැනීම නිසා මෙය සත්‍ය කරුණක්ද අසත්‍යයක් ද යන්න ඔබට තවමත් ප්රශ්නාර්ථයක්ද