වාරණ රජමහා විහාරය ගැන දැනගනිමු

අනුරාධපුර යුගයේ මුල් අවධියේ ඉදිවුණු පැරණි විහාරස්ථානයක් ...

<p>බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ පැරණි බෞද්ධ සිද්ධස්ථානයන් රැසක් පිහිටා තිබෙනවා. ඒ සමහර සිද්ධස්ථානවල ඉතිහාසය අනුරාධපුර යුගය දක්වාම දිවයනවා. අනුරාධපුර යුගයේ මුල් අවධියේ ඉදිවුණු පැරණි විහාරස්ථානයක් අත්තනගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මංගලතිරිය නම් ග්‍රාමයේ පිහිටා තිබෙනවා. සුන්දර ගල් පර්වතයක් මත ඉදිව තිබෙන එම විහාරය ප්‍රසිද්ධව ඇත්තේ “වාරණ රජමහා විහාරය” නමින්.&nbsp;</p><p> 

වාරණ විහාරයට යන ගමන් මාර්ග 

වාරණ රජමහා විහාරය වෙත ගමන් කළ හැකි ප්‍රධාන මාර්ගයන් 2ක් තිබෙනවා. ඉන් පළමු ගමන් මාර්ගය වන්නේ කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල නගරය පසුකර ගිය විට හමුවන ගම්පහ-ගොරකදෙනිය බස් මාර්ගය ඔස්සේ වාරණ රජ මහා විහාරය වෙත ළඟාවීම යි. එසේම කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ හමුවන තිහාරිය මංසන්ධියෙන් හැරී නිට්ටඹුව-ඕගොඩපොළ බස් මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් ද සුන්දර වාරණ රජමහා විහාරය වෙත ළඟාවන්නට පුළුවන්.</p>


Madhushanka Chandima

8 블로그 게시물

코멘트