
බන්ධනාගාරයෙන් කිහිප වතාවක්ම පැනගිය සිරිපාලට 1975 දී මරණ දඩුවම ක්‍රියාත්මක උනා. අදටත් මිනිසුන් කතා බහ වෙන නම් දෙකක් ලෙස ඔව්න් දෙදෙනා ගැන ඉතිහාසයේ සටහන් වෙලා තියෙනවා. අපේම මිනිසුන්ගේ පාවාදීන් සහ බල තණ්හාව නිසා අකාලයේ දඩුවමට ලක් කල නිවැරදි කරුවන් ලෙස තවමත් ඔව්න් ගැන කටකතාවක් පවතිනවා.

බෝගම්බර බන්ධනාගාරයේ එල්ලුම් ගහ එකවර තිදෙනෙක් මරා දැමීමට හැකි අයුරින්සකස් කර තිබුණා.524 දෙනෙක් එල්ලා මරා දැමූ මෙම එල්ලුම් ගහට සිරකරුවාව රැගෙන යනු ලබන්නේ අළුගෝසුවා විසිනි . ඔහුව එල්ලා ලීවරය ඇද , පසුව අධිකරණ වෛද්‍ය නිලධාරියා පැමිණ ඔහු මරණයට පත්ව ඇත්දැයි පරීක්ෂා කර බල නහර කපා දමා ඔහුගේ මරණය ස්ථිර කරනවා. දණිස්සට පහලින් ඔහුගේ මිනිය ඔසවාගෙන ගොස් ගෙදර කිසිවෙකුටත් බලන්නටවත් නොදී මිහිදන් කරනවා . සිරකරුවාව අවසන් දවස් හත තබා තිබෙන්නේ කාමර හතකයි. ඔවුන්ව දින හත අදුරු කාමරයෙන් කාමරයට මාරු කරනවා . අවසාන දිනයේ මහා පාන්දර ඔහුගේ නියමිත වේලාවට එල්ලුම් ගහට ගෙන ගොස් තත්පරයක්වත් ප්‍රමාද නොවී එල්ලා දඩුවම ලබා දෙනවා.
ව්ශේශ කාරණාවක් නම් අවසාන දිනයේදී ඔහුගේ දෙමාපියන් හෝ බිරිඳ දරුවන් සමඟ විනාඩි කිහිපයක් කතාබහ කිරීමට අවස්ථාව ලබා දෙනවා. එය ඔහු සහ ඔහු ජීවතුන් අතර ඉන්නා තුරු ඔහුගේ සමීපතමයන් මුණගැසෙන අවසාන හෝරා කිහිපයයි .

කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ මරණ දඬුවම නීතියේ තිබුණත් 1976 සිට එය මේ වන තුරුත් ක්‍රියාත්මක වී නැහැ. වසර 138 ක් ක්‍රියාත්මක වී 2014 ජනවාරි 01 බෝගම්බර බන්ධනාගාරය වසා දැමූවත් . මරණ දඩුවම ක්‍රියාත්මක වූ ඉතිහාසමය මතකයක් ලෙස එය සටහන් වේ .
අවසාන රාත්‍රිය රාත්‍රිය ගැන කෙටියෙන් කිව්වොත් හිරකරුවාට අවසාන වතාවට ඔහු කැමති ආහාර වේලක් ලබාදීම සහ ඔහුගේ ආගමට අනුව පූජකවරයෙකු දින හත රඳවා තබන කුටියට පූජකවරයෙක් ගෙන්වා මුන ගැසීමට අවස්ථාව ලබා දෙනවා. බොහෝ විට මෙම මරණ දඬුවම ක්‍රියාත්මක කළේ මහා පාන්දරය . පාන්දර ඔහුගේ දෑත් බැද නීතිඥවරයෙක් සහ වෛද්‍යවරයෙක් ඉදිරියේ ඔහුව එල්ලුම් ගහට රැගෙනගියා. පසුව හිසට කළු කවරයක් සහ බෙල්ලට කබය දමා අළුගෝසුවා විසින් ලීවරය ක්‍රියාත්මක කර දඩුවම ලබා දුන්නා.
මරණ දඬුවම ක්‍රියාත්මක නොවුණත් ඉතා බිහිසුණුයි තවමත් හිර මැදිරි සියල්ලම . වැරදි වලින් මිදී සාමකාමී සැහැල්ලු නිදහස් ජීවිතයක් ගත කිරීම සහ සමාජයම යහපතට ගෙන ඒම අපි හැමෝගෙම වගකීමයි